හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.

පර්පචුවල් ට්රෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන අලෝසියස් මහතාට සතියේ සෑම සතියකම ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමග රහස් පොලිසියට වාර්තා කිරීමට ගිය නීතිඥවරු දෙදෙනෙකුට එහි නිළධාරින් විසින් සිදු කළ බව කියන හිරිහැරයක් සම්බන්ධයෙන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

Latest News