ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට ලබාදෙන ත්‍රීපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් අදාල නිවසටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කුඩා ළමුන්ගේ බර කිරීමකින් තොරව පසුගිය මස සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රීපෝෂ නිකුත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත් එමගින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිළක මහත්මිය ප්‍රකාශ කරයි.

දරුවන්ගේ පොෂණය වර්ධනය කිරීමට ත්‍රිපෝෂ අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News