ශ්‍රි ලංකාවට ආනයනය කළ බිඩි කොල අඩංගු කන්ටේනරයක් රුපියල් මිලියන 40 ක බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මුදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉකුත්දා ඇප මත මුදා හැර සිටි නූර්දීන් ෆසාල් අහමඩ් නමැති සැකකරුගේ ඇප අවලංගු කල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සැකකරු ලබන 25 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අද නියෝග කළේය.

මාධ්‍යවේදී සමිපත් ලක්මාල් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පළමු සැකකරු අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Latest News