සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී  රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි.

2019 ඔක්තෝම්බර් මස 31වැනිදා වන විට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ 40,125 දෙනෙකුට රුපියල් මිලියන 1,759 ක මුදලක් ප්‍රතිලාභ වශයෙන් ගෙවා අවසන් කර තිබේ.

දිවයිනේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කෙරෙන සුරක්ෂා රක්ෂණාවරණය යටතේ මේ වන විට ලබාදී තිබෙන ප්‍රතිලාභ මුදල රුපියල් හැටහය කෝටි හතළිස් ලක්ෂ හතළිස් දෙදහස ඉක්මවා තිබේ.

Latest News