දුරකථන සමාගම් විසින් ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙයි.

පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් පාසල් ප්‍රජාව සක්‍රීය ව බලගැන්වීමත්, වැරදි අවබෝධයන් මත මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් එයින් මුදවාගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් ඒකාබද්ධ ව විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

එහි පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවේ පාසල් අතර වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49ක් ඉලක්ක කරගනිමින් “සුරක්ෂිත හෙට දවසක් ”යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් හඳුන්වාදීම ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

Latest News