2020ට පෙළ පොත් සියලු පාසල්වලට බෙදා අවසන්

ජන 21, 2020

    රජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළ පොත් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවත්, කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදාදීම ද අවසන් අදියරෙහි පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    පෙළ පොත් පාසල්වලට ලැබීමෙන් පසු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව වෙනස්වීම හෝ ඉල්ලුම් කරන ලද සංඛ්‍යාවල සංශෝධන සඳහා අදාළ ඌනතා සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකෙරෙන අතර, යම් පාසලක ඌනතා පවතී නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා (ලාල් චන්ද්‍රසිරි මහතා - 0112785306) අමතන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

    Latest News