මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නාය.

මහර බන්ධනාගාරය තුළ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙක්ගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබේ.

අද දින (03) අලුයම 2.30ත් 3.00 ත් අතර කාලයේ රාගම, මහර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙක් පමණ ලණු හා බෙඩ් ෂීට් ආධාරයෙන් බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර තිබේ.

Latest News