මහර බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 6ක් මරුට..37කට තුවාල

නොවැ 30, 2020

    මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙක්ගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබේ.

    බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු 37 දෙනෙක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

    ඊයේ (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගැනුණේ, මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින්.

    අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.

    තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවනු ලැබීය.

    Latest News