සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සදහා ජපානය රුපියල් මිලියන 20,000 ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇත. 

Latest News