දිවයිනට බලපවත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බුරවි සුළි කුණාටු තත්වය හා ඉන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සම්බන්ධව අදාළ පාර්ශවයන් ඇතුළු සමස්ත මහජනතාව දැනුවත් කිරීමේ සජීව රූපවාහිනී වැඩසටහන් විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

“බුරවි” සුළි කුණාටු‍වෙන් අවදානමකට ලක්විය හැකි ප්‍රදේශ වල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පිළිබද සොයාබැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ ත්‍රිකුණාමලය උතුරු වෙරළ ආශ්‍රිතව ජිවත් වන වැසියන්ගේ ගම්මාන කිපයක සංචාරය කළාය.

Latest News