Update - පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ප්‍රකාශ කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට එරෙහිව නීතිපති විසින් ප්‍රතිශෝධන අයඳුම්පතක් කොළඹ මහාධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 09ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

Latest News