2005 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඇමෙරිකානු පුරවැසියෙකු වශයෙන් සිටියදී සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසි පනත, ආගමන හා විගමන පනත සහ මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට ඒ අනුව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආගමන සහ විගමන පාලකවරයාට සහ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළේය.

ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීති විරෝධී බැවින් එම නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීති විරෝධී යැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කල පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම තාවකාලික ලෙස අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුවේ සාක්ෂි විමසීම කල් දමන බවත් ඒ අනුව නඩුව අගෝස්තු මස 30 වැනිදා යළි කැඳවන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස 29 දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

Latest News