චීන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන වෛද්‍ය ආධාර තොගයේ තවත් කොටසක් අද ලැබෙන බව, මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා පදනම හා අලි බාබා පදනම එක්ව කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරන කට්ටල 20,000ක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය එහි සාමාජිකයන්ගේ ඉල්ලා සිටී.

කොළඹ මැනිං වෙළඳපොලේ සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා මුඛ හා අත් ආවරණ අද ප්‍රදානය කෙරිණ.

දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම, ඉතා කැපවිමෙන් හා විශිෂ්ට ලෙස රාජකාරි ඉටු කළ පොලිස් නිලධාරින්ගේ සේවය ඇඟයීම සහ ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීමේ විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්විණ. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) ශ්‍රි ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේ දී.

Latest News