හොරණ රියඅනතුරකින් 18ක් රෝහලේ

දෙසැ 27, 2019

    හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 8.30ට පමණ. තුවාල ලැබූ පිරිස වැලිවේරිය ප්‍රදේශයේ සිට කතරගම බලා ගමන් කරමින් සිටි බවයි, අප වාර්තාකරු පවසන්නේ. රියදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇති බව පොලීසිය කියා සිටියි.

    තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 7 දෙනෙක්, කාන්තාවන් 7 දෙනෙක් හා ළමුන් සිව් දෙනෙක් වෙයි. තුවාල ලැබූවන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 12:24

    Latest News