අසරණ වු විට, තායිලන්තේ පිං පෙට්ටි සල්ලි ආණ්ඩුවට දුන්නා: අපේ හාමුදුරුවරුත් එහෙම කරාවි !

දෙසැ 13, 2019

    තායිලන්තය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවස්ථාවකදී එරට භික්ෂූන් වහන්සේලා පන්සල්වල පිං පෙට්ටි ගලවා ඒවායේ මුදල් සහ පන්සල්වලට ලැබුණු වෙනත් ආදායම් රජයට ලබාදුන් බව ඇමරිකාවේ සංඝනායක වල්පොළ පියනන්ද හිමි පවසයි.

    උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා ද එසේ කරනු ඇති බවයි. ඇමරිකාවේ සංඝනායක වල්පොළ පියනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (12) කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි

    පසුගිය රජයේ දූෂිත ක්‍රියාවන් හේතුවෙන් නව රජය දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වල්පොළ පියනන්ද හිමියන් සඳහන් කළහ.

    "රටට කරදරයක් වෙන වෙලාවෙ, සල්ලි නැතිවෙන වෙලාවෙදි තායිලන්තයේ තායි රජ්ජුරුවෝ කළ ඉල්ලීමකින් පසු තායිලන්තේ ඉන්න හාමුදුරුවරු පන්සලේ තියෙන පිං පෙට්ටි ගලවලා සල්ලි දුන්නා රජයට. බොහෝම ආදරයෙන් පිං පෙට්ටිවල සල්ලි, පන්සල්වල සමහර ඒවයේ තියන ආදායම්වලින් සල්ලි ඒ සියල්ල භාර දුන්නා. විශාල උදව්වක් ඒ විදියට ඒ කරදර වෙච්චි වෙලාවෙ කළා.

    මං හිතන්නෙ අපේ හාමුදුරුවරුත් එහෙම නොකරයි කියන්න බෑ. අපේ හාමුදුරුවරුත් ... හරියට හැබැයි පිළිවෙලක් තියෙන්න ඕනෙ, සංස්ථාවක් තියෙන්න ඕනෙ, වැඩපිළිවෙලක් තියෙන්න ඕනෙ, ඒ සල්ලි එකතුවෙන තැනක් තියෙන්න ඕනෙ. එහෙම කරලා ඉල්ලීමක් කළොත් අපේ හාමුදුරුවරුන්ගෙනුත් මං හිතන්නෙ ශාසනය වෙනුවෙන්, රට වෙනුවෙන් එහෙම නොකරන්න ඉන්න එකක් නෑ." යනුවෙන් එහිමි ප්‍රකාශ කළේය.

    Latest News