වැසි තත්වය තවදුරටත් වැඩි වන ලකුණු

දෙසැ 08, 2019

    දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද සිට තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    නැගෙනහිර සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    මධ්‍යම පළාතේසහ අනුරාධපුර, හම්බන්තොට, මුලතිවු සහවවුනියා දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150)පමණ තද වර්ෂාපතනයන්ඇති විය හැක.

    වයඹ පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Latest News