මහ මැතිවරණයට කොමිසමේ සභාපතිගෙන් දින තුනක් (වීඩියෝ)

දෙසැ 04, 2019

    මාර්තු පළමුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක්‍රියා කළහොත් මහ මැතිවරණය අප්‍රේල් 25, 27 හෝ 28 යන දින තුනෙන් එකකදී පැවැත්වීමට හැකි බව, මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    දේශපාලන පක්‍ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ජාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින්, සභාපතිවරයා අද මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්‍ෂ, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ සුනිල් වටගල හා පැෆරල් සංවිධානය නියෝජනය කරමින් රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ මාතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා....

    “මැතිවරණ කොමිසන් සභාවේ කිසිම අවශ්‍යතාවක් හා මතයක් නැහැ කවදා විසුරුවයිද කියා. හැබැයි මාර්තු 01 වැනිදා විසුරුවොත් ඡන්ද විමසීමට යන්න වෙනවා වෙසක් උත්සවයට පෙර. අප්‍රේල් 25,27,28 වගේ දවස්වල තමයි ඡන්ද විමසීම තියන්න පුලුවන් කියන එක අපි අද පැහැදිලි කළා. 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ අවසනා කෙටුම්පත අපි ප්‍රදර්ශනය කරනවා දෙසැම්බර් 31 වැනිදා මේ අවුරුද්දේ. එදා ඉඳලා සතියක් මේ දවස්වල අපි සිද්ධ කරන්නේ හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා දැක්වීම් පරීක්‍ෂණ සිදු කරමින් යනවා. අපි ඡන්ද හිමි නාම ලේඛනය සහතික කරන්න බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ 2020 ජනවාරි 24 වෙනිදා. අවසන් ඡන්ද හිමි නාමලේඛනය පෙබරවාරි 15 වැනිදා පෙර නාම ලේඛනය සහතික කරන්න පුලුවන් වෙන්නේ 2020. එදායින් පස්සේ ඡන්ද විමසීමක් කැඳෙව්වොත් පමණයි පිට 2019 නාම ලේඛනය පාවිච්චි කරන්න පුලුවන්“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා....

    “පළාත් සභා මැතිවරණය අපි සාකච්ජා කළා. පළාත් සභා ක්‍රමය හිරවෙලානේ තියෙන්නේ ඡන්ද ක්‍රමය නිසා. සීමානිර්ණය වාර්තාව තවත් එකතුවෙලා නැහැනේ. අපි එකඟතාවයකට ආවා පැරණි ක්‍රමයට යමු කියලා“ යැයි මනෝ ගනේෂන් මහතා පැවසීය.

    නීතිඥ සුනිල් වටගල...

    “පසුගිය ජනාධිපතිවරණයේ මාධ්‍ය භාවිතයට අදාළව කරුණු අවධානයට ලක් කළා. රාජ්‍ය මාධ්‍ය එක් අ‍පේක්‍ෂකයෙකුට සහයෝගය දුන්නා. පුද්ගලික මාධ්‍ය තවත් අපේක්‍ෂකයෙකුට සහයෝගය දුන්නා. මේක බරපතල තත්වයක් කියලා අවධාරණය කළා. සියලුම මාධ්‍ය ආයතනවල බලපත්‍ර අලුත් කිරීමේදී මැතිවරණයට අදාළ කාලසීමාවේදී මාධ්‍ය හැසිරීමේදී එක් අපේක්‍ෂකයෙකුට පමණක් සහයෝගය දැක්වීමට අදාළ කාරණා කටයුතු කරන්න එපැයි කියලා“ යැයි නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.

    පැෆැරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා....

    “ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව අපේක්‍ෂකයින්ගේ වියදම් සීමාකිරීමට අදාළව නීතිය සම්මත කිරීම පිළිබඳව නීතිඥ සංගම්වල සහ මැතිවරණ කොමිසමේ අවධානය සාකච්ජාවේදී යොමු වුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්‍ෂකයින් විශාල ප්‍රමාණයක් තරග කිරීම සිද්ධ වෙන නිසා විශාල ලෙස මුදල් වියදම්වීම පාලනය වීම සඳහාත්, සෑම අපේක්‍ෂකයෙකුටම සමාන ඉඩ-කඩක් මැතිවරණ ව්‍යාපාරය තුළ මුලිකත්වය තියෙනවා. සියලු දෙනාටම ඒ ඉඩ-කඩ ලබාදීම පිළිබඳව නීතිය සම්මත කිරීමේ අවශ්‍යතාවය සියලු දෙනාගේ අවධානයට ලක්වුණා“ යැයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 19:58

    Latest News