පළමු පාර්ලිමේන්තු සැසිය අඟහරුවාදා

නොවැ 29, 2019

    නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසි වාරය ලබන අඟහරුවාදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

    පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ එදිනට පෙර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක් හෝ කල් තැබීමක් සිදු නොවුණහොත් නියමිත පරිදි පාර්ලිමේන්තුව රැස්වන බවයි.

    එදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයද සකස් කර ඇති බව මහලේකම්වරයා සඳහන් කළේය.

    මේ වනවිට අමාත්‍යධුර නාම ලේඛනය ලැබී ඇති බැවින් ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීම සිදුකරමින් පවතින බවයි, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News