උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්ත්වයට

නොවැ 29, 2019

    උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

    අද (29) උදෑසන සාමාන්‍ය කාල සටහනට අනුව දුම්රිය ධාවනය සිදුකෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළේය.

    යාල් දේවී දුම්රිය ගල්ගමුව සහ අඹන්පොළ අතරතුරදී පසුගියදා පීලිපැනීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු අඩාල විය.

    අද උදෑසන කොළඹ සිට දුම්රිය පිටත්වන අතර අදාළ ප්‍රදේශයට දුම්රිය ළඟාවනවිට නඩත්තු කටයුතු අවසන් කළ හැකි වන බව දැනුම් දී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

    Latest News