අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත බෙදු මොලකරු පොලිස් අත්අඩංගුවට

නොවැ 22, 2019

    කොළඹ සිට හැටන් හරහා වැලිමඩ දක්වා අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් මල්ලිඅප්පුව ප්‍රදේශයේ කළ හදිසි පරික්ෂාවකදි මෝටර් රථයක් තුල අසභ්‍යය දර්ශන සහිත නිල් චිත්‍රපට සංයුක්ත තැටි 1550 ක් පොලිස් භාරයට ගැනීන.

    45 හැවිරිදි සැකකරු වැලිමඩ ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට මෙම සංයුක්ත තැටි අලෙවි කිරිමේ ජාවරම ගවත්වාගෙන ගොස් තිබේන බව මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Latest News