සාක් රටවල හොඳම දේශපාලන ඡායාරූප ශිල්පියා සුදත් සිල්වා

නොවැ 15, 2019

    දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල හෙවත් සප්සා 2019 උළෙලේ දී සුදත් සිල්වා මහතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.

    ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරු 5 දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස දීර්ඝ සේවාවක් ඉටුකර ඇති ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ හා නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා 2019 සාක් රටවල් හොඳම දේශපාලන ඡායාරූප ශිල්පියා ලෙස විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබිය.

    14 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වනේ කොළඹ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජනාධිපතිතුමා අතින් එම සම්මානය ලබාගත්තේය.

    මෙම අවස්ථාවට සාක් රටවල ජ්‍යෙෂ්ඨ නායකයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    Latest News