වායුගෝලයේ පවතින අහිතකර වායුවල වැඩිවීමක් - ශ්වසන රෝගීන් හා කුඩා දරුවන් අවධානයෙන්

නොවැ 08, 2019

    වායුගෝලයේ පවතින අහිතකර වායුවල වැඩිවීමක අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න යැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    ශ්වසන රෝගීන්,කුඩා ළමුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු වේ.

    කෙසේ වුව ද, මේ පිලිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

    කොළඹ නගරයේ පවතින වාතයේ දුවිලි අංශු වල තරමක ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, පෙරේදා දින (05) වන විට 100% ක අගයකින් ඉහළ ගොස් තිබූ බවත්, දෛනිකව මෙම අගය වෙනස්වන බවත්, එහෙත් දැනට පවතින සුළගේ වෙනස් වීම නිසා අවට පරිසරයේ පවතින අංශු ප්‍රමාණයේ ඉහළ යාම සිදු වන බවත් ගොඩනැඟිලි හා පර්යේෂණ ආයතනය (NBRO) සඳහන් කර තිබේ.

    කෙසේ වුවත්, මෙම තත්ත්වයේ අඩු වීමක් මේ වන විට දක්නට ලැබෙන බව ද අපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    මේ තත්ත්වය පිළිබඳව අඅපදා කළමනාකරණ මධ්‍යස්ථානය, NBRO හා සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) මේ වන විට කොළඹ දූෂිත වායු අංශු වැඩිවීමට අදාළ දත්ත අධීක්‍ෂණය කරමින් සිටී.

    මධ්‍යම පරිසර අධිකාරියේ සෞඛ්‍ය අංශය, ශ්‍රී ලංකා පොලිස් පරිසර අංශය, NBRO සමඟ මේ පිළිබඳව සහයෝගයෙන් කටයුතු කරන අතර, මහජනතාවට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය නම් හදිසි පියවර ගැනීම පිළිබඳව ද මේ වන විට සාකච්ඡා කරමින් සිටී.

    Latest News