“අගමැති සමඟ කතා කරන්න“ වැඩසටහනින් ප්‍රශ්න 21කට අගමැතිගෙන් පිළිතුරු (වීඩියෝ)

ඔක් 20, 2019

    “අගමැති සමඟ කතා කරන්න“ යන තේමාවෙන් සිංහ සමාජය විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබිණ.

    එහිදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදුන්නේය. ඉදිරිපත්වූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, රාජ්‍ය නොවන සංවිධාන රටේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත්, එම සංවිධාන හඳුනා ගැනීම සහ ඔවුන්ගේ වැදගත්කම සොයා බැලීමට ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක වන බවයි. බුද්ධිමතුන් රට හැරයාම වැළැක්වීමට නොහැකි නමුත්, රට තුල බදුවලින් නිදහස් හා ව්‍යාපාර සඳහා අපනයන ආර්ථිකයකට ඔවුන් යොමු කිරීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දරුවන් ළඟම පාසලට ඇතුලත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමත්, ගුරුවරුන් පුහුණු කිරීම හා උපාධිධාරීන් බඳවා ගැනීම සිදුකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න 21කට උත්තර ලබාදුන්නේය.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 20:54

    Latest News