කොළඹ පාසල් කිහිපයක් සඳුදා වසා දැමේ

ඔක් 04, 2019

    කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගන්නා ලබන සඳුදා(07) වසා තැබීමට තීරණය කර තිබේ.

    මැතිවරණ මහලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ අපේක්ෂකයන් සමඟ පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සඳහා රථවාහන නවතා තැබීමට රාජගිරිය මංසන්ධිය හා ඒ අවට වෙන් කෙරෙන බැවින්, එම ප්‍රදේශ ආශ්‍රිත පාසල් එදින වසා තබන ලෙස ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතාගෙන් ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දින ආරක්ෂක හේතු මත එදින පෙ.ව. 07.00 සිට ප.ව. 01.00 දක්වා රාජගිරිය සරණ මාවත ඇතුලු මාර්ග කීපයක් වසා තබන මෙන් මෙලෙස ඉල්ලීම් කර තිබේ.

    ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයා විසින් කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලුම පාසල් ද ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එදින වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය ලබා දී ඇත.

    Latest News