ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වැනි සැසිවාරය කොළඹදී

ඔක් 04, 2019

    මෙම සමුළුව සදහා රටවල් 22 ක ආසියාතික වෙරළ ආරක්‍ෂක බලකා ප්‍රධානීන් සහභාගි වීමට නියමිතව ඇත.

    ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ (Head of Asian Coast Guard Agencies Meeting – HACGAM) 15 වැනි සැසි වාරයට අදාළව එහි ක්‍රියාකාරි මට්ටමේ නියෝජිතයන්ගේ රැස්වීම 2019 ජුලි මස 08 වන දින සිට 11 වන දින දක්වා කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ.

    එම සමුළුවේ ආයතන ප්‍රධානින්ගේ රැස්වීම 2019 ඔක්තෝබර් මස 07 වන සිට 10 වන දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

    මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, බහරේන්, බංගලාදේශය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසීයාව, ජපානය, කොරියාව, මැලේසියාව, මාලදිවයින, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රි ලංකාව, තායිලන්තය, තුර්කිය හා වියට්නාමය යන කලාපීය රටවල් 22 ක් නිත්‍ය සාමාජිකයින් ලෙස සහභාගිවේ.

    මීට අමතරව මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් වැලැක්වීම සදහා වන ආසියානු කලාපීය සහයෝගිතා වැඩසටහනෙහි තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයට අනුබද්ධ සාමාජිකයෙකු ලෙස මෙම සමුළුවට සහභාගි වන අතර, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සදහා වන කාර්‍යාලය, බාලි ක්‍රියාවලිය සහ ප්‍රංශය මෙම සමුළුවේ අනෙකුත් නිරීක්ෂක සාමාජිකයින් වේ.

    Latest News