නව තානාපතිවරු 14ක් ජනපතිට අක්ත පත්‍ර ප්‍රදානය කරති

ඔක් 03, 2019

    ශ්‍රී ලංකාවට සමගාමීව පිළිගත් නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු 14 දෙනෙක් අද (03) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර ප්‍රධානය කළහ.

    අක්තපත්‍ර ඉදිරිපත් කළ තානාපතිවරු:

    1. මොලොන්ඩි සොලමන් ඩ්ලාමිනි මහතා (Mr. Mlondi Solomon Dlamini) එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්
    2. බෙල්ජියම රාජධානියේ තානාපති ෆ්‍රැන්කොයිස් ඩෙල්හයි මහතා (Mr. Francois Delhaye) 
    3. මැකරිමි අබිස්සෝලා අඩචුබු මහතා, බෙනින් ජනරජයේ තානාපති (Mr. Makarimi Abissola Adechoubou)
    4. කාලෝස් ජෝස් ද පින්හෝ ඊ මෙලෝ පෙරෙයිරා මාක්ස්, පෘතුගීසි ජනරජයේ තානාපති (Mr. Carlos Jose de Pinho e Melo Pereira Marques)
    5. මුහම්මද් සෙන්කික් මහතා, බොස්නියා සහ හර්සගොවිනා තානාපති (Mr. Muhamed Cenqic)
    6. අහමඩ් යූසිෆ් මොහොමඩ් එල්සිඩිග් මහතා, සුඩාන් ජනරජයේ තානාපති (Mr. Ahmed Yousif Mohamed Elsiddig)
    7. ගිනියා ජනරජයේ තානාපති ෆටූමාටා බෝල්ඩේ මහත්මිය (Mrs. Fatoumata Balde)
    8. නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් ගේබ්‍රියෙල් පණ්ඩුරේනි සිනිම්බෝ මහතා (Mr. Gabriel Pandureni Sinimbo)
    9. හෙලනික් ජනරජයේ තානාපති ඩයොනිසියෝස් කයිවෙටෝස් මහතා (Mr. Dionyssios  Kyvetos) (ග්‍රීසිය)
    10.  ජුවාන් රෝලන්ඩෝ ඇන්ගුලෝ මහතා, චිලී ජනරජයේ තානාපති (Mr.  Juan Rolando Angulo)
    11. බල්ගේරියානු ජනරජයේ තානාපති එලේනෝරා ඩිමිට්‍රෝවා ඩිමිට්‍රෝවා මහත්මිය (Mrs. Eleonora Dimitrova Dimitrova)
    12. බ්‍රෙන්ඩන් වෝඩ් මහතා, අයර්ලන්ත තානාපති (Mr. Brendan Ward)
    13. කොරොමොටෝ ගොඩෝයි කැල්ඩෙරොන් මහත්මිය, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපති (Mrs. Coromoto Godoy Calderon)
    14. ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති ටිසිටා මුලුගෙටා මහත්මිය. (Mrs. Tizita Mulugeta)

    එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්වරයා ක්වාලාලම්පූර් නුවර සිටද, බෙනින් ජනරජයේ තානාපති ටෝකියෝ නුවර සිට ද, අනෙක් සියලු දෙනා නවදිල්ලියේ සිට ද රාජකාරී ඉටු කරනු ඇත.

    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා යන අය මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 19:36

    Latest News