කංජිපානි ඉම්රාන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සැප් 19, 2019

    කෙසෙල්වත්ත පොලිස්ථානයේ නිලධාරීන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් කටහඩ රස පරීක්ෂණයක් සඳහා කංජිපානි ඉම්රාන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන්ගේ කඩහඩ පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කෙරිණ. අනතුරුව සැකකරු පසුගිය 17 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර පොලීසිය කළ ඉල්ලීම පිළිගත් අධිකරණය කටහඬ පරීක්ෂණයක් සඳහා 19 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියම කළේය.

    අනතුරුව සැකකාර කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

    පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවකට අනුව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන්ගේ සඟයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැත්තෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක්  සමග අත්අඩංගුට ගෙන තිබේ. 

    එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් මරණ තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන වැදී ඇතැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට පැමිණිලි කර ඇත. මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම් කර තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 12:14

    Latest News