ගුවනින් ගෙනආ මත්පෙති කටුනායක දී මාට්ටු

සැප් 19, 2019

    ඉන්දියාවේ,චෙන්නායි සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු රැගෙනආ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 864ක ප්‍රමාණයක් කටුනායක රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද අළුයම 1.40ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඉන්දීය ගුවන්යානයකින් ඔහු මෙම මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන විත් ඇත. එහි වටිනාකම රුපියල් අසූ හය ලක්ෂ හතළිස් දෙදහස් එකසිය පනහකි. මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කටුනායක රේඟුව මගින් ක්‍රියාත්මකයි.

     

     

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 09:26

    Latest News