ජල විදුලි නිෂ්පාදනය 25%කි ඉහළට

සැප් 19, 2019

    වැසි තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 25%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජලවිදුලි නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම 55% දක්වා ඉහළ ගොස් ඇති බවයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

    විදුලි ඉල්ලුම ද ගිගාවොට් පැය 46 සිට 40 දක්වා පහත වැටී තිබේ. කාසල්රි ජලාශයේ ජල මට්ටම 83%යි දශම 2 දක්වාත්, මාවුස්සාකැලේ ජල මට්ටම 91.2% දක්වාත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 78යි දශම 2 දක්වාත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 34යි දශම 9 දක්වාත්, සමනලවැව ජලාශයේ ජල මට්ටම 42යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබේ. රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම ඉහළගොස් නොමැති අතර, එහි ජල මට්ටම පවතින්නේ 5.7%ක් බවයි. විදුලිබල මණ්ඩලය පවසන්නේ.

    මීට මාස දෙකකට පමණ පෙර ජල මූලාශ්‍රවල ජල මට්ටම් 20%කට ආසන්න ප්‍රමාණයකට පහත වැටී තිබූ අතර, ජල විදුලි නිෂ්පාදනය ද 12% දක්වා පහත වැටී තිබිණ. විදුලි ඉල්ලුම අඩුවීමත්, ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාමත් නිසා, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ලබාදුන් 40%කට දායකත්වය මේ වන විට 36% දක්වා අඩුවී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 10:54

    Latest News