අගමැති - ඉන්දීය නියෝජිත පිරිස හමුව

සැප් 13, 2019

    ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමෝෂි කරුණානිධි මහත්මිය ඇතුළු එරට මධ්‍යම රජයේ සහ තමිල්නාඩු/කේරල ප්‍රාන්තවල පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජාවක් අද පැවැත්විණ.

    ඒ අරලියගහ මන්දිරයේදී. මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ ඉන්දීය දූත පිරිස දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව, පෙන්වා දුන්නේය. පලාලි කලාපීය ගුවන් තොටුපොළ හා ඉන්දියාවේ නගර 04ක් අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත සෘජු ගුවන් සේවාව සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එම නියෝජිත පිරිස දැනුවත් කළේය. මේ අවස්තාවට අමාත්‍ය රවුෆ් හකීම් මහතා එක්ව සිටියහ.

    Latest News