රබර්-වැවිලි අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

සැප් 12, 2019

    ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර අද (12) අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

    ඒ, අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කිරීම ගිවිසුමේ අරමුණයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ, එහි ලේකම් ජේ.ඒ. රංජිත් මහතායි. රබර් කර්මාන්ත සංගමය වෙනුවෙන් එහි සභාපති ටොමී එල්ලාවල මහතා අත්සන් කරනු ලැබීය. රබර් කර්මාන්තය ආශ්‍රිත අමුද්‍රව්‍ය මිල උච්චාවචනයට අනුව රබර් මිල වෙනස්වීම කර්මාන්තයේ ප්‍රගමනයට බාධාවක් වී තිබේ. එය අවම කිරීම නව ගිවිසුමේ අපේක්‍ෂාවයි. වසර 2017 සිට 2026 දක්වා ක්‍රියාත්මක රබර් මහ සැලැස්ම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාදීම ද ගිවිසුවෙන් සිදු කෙරේ. අමාත්‍ය නවීන් දිසානායක මහතා ද මීට එක්වූහ.

    Latest News