කුලියාපිටියෙ කඩ පේලියක ගින්නක්

සැප් 12, 2019

    කුලියාපිටිය නගරයේ ඊයේ (11) රාත‍්‍රියේ ඇතිවූ ගින්නකින් කඩකාමර 6ක් සම්පුර්ණයෙන් ගිනිගෙන තිබේ.

    මෙම ගින්න හේතුවෙන් පාවහන් අලූත්වැඩියා කරන්නන්ට නගර සභාවෙන් වෙන්කළ තාවකාලිකව කඩ කාමර කිහිපයකට දැඩි අලාබහාණි සිදුව තිබූ අතර නගර සභා වාහන අංගනයෙහි ගාල් කර තිබූ ගලි බවුසරයක එන්ජිම කොටසකට ද හානි සිදුව තිබිණ.

    රාත‍්‍රී කාලයේ එම කඩකාමරවල රැදීසිටීම තහනම් කර ඇතිි අතර කිසියම් අයෙකු ඉටිපන්දමක් දල්වා එම ආලෝකයේ ආධාරයෙන් රැය පහන් කිරීමේදී සම් ආශ‍්‍රීත අමුද්‍රව්‍ය වලට ගින්න ඇතිවන්නට ඇතැයි සැක කෙරේ. ගින්නෙන් වූ හාණිය මෙතෙක් ගණන් බලා නොමැති අතර ගින්න පිළිබඳව සැලවූ වහාම කුලියාපිටිය නගර සභාව හා කුලියාපිටිය පොලිස්ථාන ජලබවුසර් ආධාරයෙන් ගින්න පැතිරයාම මැඩ පැවැත්වීමට සමත්ව තිබිණ.

    කුලියාපිටිය පැරණි පොදු වෙළඳ සංකීරණය මහල් කිහිපයකින් සමන්විතව ඉදිකෙරෙමින් පවතින බැවින් පාවහන් අලූත්වැඩියාකරන්නන් වෙනුවෙන් තාවකාලිකව කඩකාමර කුලියාපිටිය නගරසභා රථ අංගනය අසලින් ඉදිකොට තිබිණ.

    මේ අතර පසුගිය ඉරිදා (08) කුලියාපිටිය බස් නැවතුම ගොඩනැගිල්ලක ආපනශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ගින්නෙන්ද කඩ කාමර කිහිපයකට හා බස්නැවතුම්පල ගොඩනැගිල්ලට දැඩි අලාභහාණි සිදුව තිබිණ.

    Latest News