මෙම බීඩී කොළ තොගය නීති විරෝධී ලෙස පාර්සල් 11 ක් තුළ අසුරා නිවසක් තුළ සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.
සැකකරු සහ බීඩී කොළ තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.
තවද, ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන හා අලෙවි කරනු ලබන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.