ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස අනතුරු ඇඟවීමක්

අගෝ 29, 2019

    මන්නාරම සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට වැඩි වන බැවින් මෙම ප්‍රදේශවල ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    ඒ අනුව හෙට (30) පෙ.ව. 06.00 සිට 31 වැනිදා පස්වරු 8.00 දක්වා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. ඒ ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඉහළ යනු ඇති. සෙසු ප්‍රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝ මිටර් 60-70ත් අතර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Latest News