කුරුණෑගල නගරාධිපති රිමාන්ඩ් භාරයට

අගෝ 09, 2019

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළේය.

    අධිකරණය මඟහැරියේ යැයි කුරුණෑගල මහාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට වරෙන්තු නිකුත් කර තිබුනා.

    පුද්ගලයකුට පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ලකෑ බවට කුරුණෑගල නගාරාධිපති ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ ඇති නඩුවේ පළමුවැනි විත්තිකරු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ බව නිතිපති විසින් නම් කර ඇත. පසුගිය 25 වැනිදා නඩුව කැඳවු අවස්ථා කුරුණෑගල නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී නොසිටී අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විනිසුරුවරිය වරෙන්තු නිකුත් කළේය.

    නගරාධිපතිවරයා කොරියානු රජයේ ආරාධනාවකට අනුව කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා යාමට සිදුවූ බැවින් මෙදින නඩු වාරයට ඉදිරිපත් වීමට නොහැකිවූ බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය. නඩුව යළි විභාගයට ගැනීමට සැප්තැම්බර් 17 වැනිදා නියම කර තිබියදී නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් වු අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේය.

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ පසුගිය පලාත් පාලන ඡන්දයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර නගර සභාවට පත්විය.

    Latest News