ඉස්සන් වගා කරන විශාල ගොවිපොළ කොටස් කිරීමේ තහනම්

අගෝ 07, 2019

    ඉස්සන් වගාව සඳහා සකස් කරන ලද විශාල ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීම අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ඒ අනූව මින් ඉදිරියට ඉස්සන් වගාව අතහැර දැමූ විශාල ගොවිපොළ හෝ බදු කාලය අවසන් වූ ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීමේ දී අවම ලෙස වගාකරුවෙකුට අක්කර 04ක අවම භූමි ප්‍රමාණයක් ලැබෙන ලෙස කොටස් කිරීම අනිවාර්ය වේ.

    එමෙන්ම ඉඩම්තුළ පොකුණු ඉදිකිරීමේ දී ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ නිර්දේශ ලබාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ. පුත්තලම දිස්ත්‍රික්කය තුළ දැනට එම වගාව සිදුකරන හා ඉස්සන් වගා ගොවිපොළ රැසක් පවතී. බදු කාලය අවසන් වූ පසු ඒවා කැබලි කර කුඩා ප්‍රමාණයේ ගොවිපොළ රැසක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් පවතී. එම තත්වයන් මෙම ගොවිපොළවල් විද්‍යාත්මක ලෙස හො සෞඛ්‍යාරක්ෂිත ලෙස මනා කළමනාකරණයකින් පවත්වාගෙන යාමට බාධාවකි. ඉස්සන් වගාව සඳහා යොදා ගත් විශාල ගොවිපොළ එකී වගාව ඇතුළත්ව සිදු කරන ජලජීවී වගාවට හැර වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීමට මේ අනූව අත්හිටුවේ.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 11:40

    Latest News