හිනිදුම සංවර්ධනයට හොඳම පුද්ගලයා සොයා ගත් පලාත් සභා මන්ත්‍රී

අගෝ 06, 2019

    හිනිදුම ආසනයේ සංවර්ධනයේදි අත්වැල් බැදගත යුතු හොදම පුද්ගලයා විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර බවත් ඒ අනුව ඔහු සමග අත්වැල් බැදගැනීමට තීරණය කළ බව හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා පවසයි.

    හිනිදුම ආසනයේ රන් මාවත් ව්‍යාපෘතිය යටතේ මනුෂ නානායක්කාර මහතාට රුපියල් ලක්ෂ හාරසියක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවද හබරකඩ දුන්හේන හල්ලකන්ද මාර්ගය කාපට් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සුනිල් සේනානායක සදහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් සේනානායක මෙසේද පැවසුවේය.

    හිනිදුම දියුණු කරන්න කාත් සමගද අත්වැල් බැදගන්න ඕන කියලා මම කල්පනා කළා. ඒ සදහා සුදුසුම පුද්ගලයා මනුෂ නානායක්කාර මැතිතුමා කියලා මම තීරණය කළා. ඒ නිසා මම එතුමා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මම තීරණය කළා. මේ මාර්ගය හදන්න කියලා මේ ප්‍රදේශයේ කාන්තාවන් වැදලා ඉල්ලුවා. අඩලා ඉල්ලුවා. මනුෂ නානායක්කාර මැතිතුමාට රන් මාවත් වැඩසටහන යටතේ ලැබුණ මුදල් සියල්ලම මේ සදහා යොදවලා මේ මාර්ගය සංවර්ධනය කරනවා.

    මෙහිදී අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ මෙම මාර්ගයේ අනෙක් පස කොටස සුනිල් සේනානායක මහතාට ලැබුණ මුදල් ප්‍රතිපාදන මත සංවර්ධනය වන බවය. තමන් අනෙක් පසින් මාර්ගය සංවර්ධණය කිරීම ආරම්භ කරමින් සුනිල් සේනානායක ආරම්භ කළ වැඩපිළිවෙලට ශක්තියක් ලබාදෙන බවද, මාර්ගය සම්පූර්ණයෙන්ම කාපට් කිරීමට කටයුතු කරන බවද සදහන් කළේය.

    Latest News