උතුරේ ජල ප්‍රශ්නය විසඳීමට ජර්මන් සහය

අගෝ 05, 2019

    උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා හා ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රඩ් මහතා අතර හමුවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්විණ.

    වසර 29 කට පසු කන්කසන්තුරේයි සහ කීරිමලෙයි වැසියන්ට තම ඉඩම් යළි පවරාදීම පිළිබඳව මෙහිදී සුරෙන් රාගවන් විසින් ජර්මන් තානාපතිට කරුණු පැහැදිලි කළේය.

    රජයේ පාලනය යටතේ පවතින පුද්ගලික ඉඩම් යළි හිමිකරුවන්ට භාරදීමේ ක්‍රියාවලිය අප්‍රේල් 21 න් පසු නැවත ආරම්භ කර ඇති බවද ආණ්ඩුකාරතුමා පවසා සිටියේය.

    උතුරු පළාතේ ආර්ථික සංවර්ධනයට සහාය වන ලෙසත් පළාතේ ජල අර්බුදය අවසන් කිරීම සඳහා ඇති ව්‍යාපෘති පහක් වෙනුවෙන් සහාය දක්වන ලෙසත් මෙහිදී ආණ්ඩුකාරතුමා ජර්මන් රජයෙන් ඉල්ලා සියේය. ඒ වෙනුවෙන් තම රජයට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවට මෙහිදී ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රඩ් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතාට සහතික වුයේය.

    Latest News