ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනයට පියවර

අගෝ 05, 2019

    ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ගුරුවරුන්ගෙන් ඉටුවන හා ඉටුකරන ජාතික සේවාව පූර්ණ සැලකිල්ලට ගෙන ඉතා සාධාරණ ස්වාධින හා විනිවිද පෙනෙන ගුරුමාරු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශවලට ලබා දුන් උපදෙස් අනුව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේ.

    රාජ්‍ය සේවයේ සෙසු මාරුවීම් ප්‍රඥප්ති හා ගැලපෙන පරිදි ගුරු මාරු ප්‍රඥප්තිය ද සකස්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානයට යොමු වී තිබුණු අතර රාජ්‍ය සේවා කොමිසමේ කාර්ය පටිපාටි හා රීතින්ට අනුව ගුරුමාරු ප්‍රඥප්තිය ද සකස් විය යුතු බවට කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සංශෝධන සිදුකිරීමට අමාත්‍යාංශය ක්‍රියා කරයි.

    මේ සංශෝධන සිදු කිරීමේ දී ගුරු වෘත්තීය සමිති සමඟ ද සාකාච්ඡාකොට ඔවුන්ගේ අදහස් හා යෝජනා ද අවධානයට ගෙන ඇත.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 15:32

    Latest News