මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක්

අගෝ 04, 2019

    උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමේ හැකියාවක් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු පළාතේ ගොඩබිම් ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එහි සඳහන්. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60ත්, 65ත් දක්වා වැඩිවීමේ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකියි. මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50ත් 55ත් දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

    Last modified on ඉරිදා, 04 අගෝස්තු 2019 15:02

    Latest News