ළිදේ විෂ වායුවෙන් කම්කරුවෙකු මරුට: ගොඩගන්න පැය කිහිපයක මෙහෙයුමක්

ජූලි 30, 2019

    ගලේවෙල පට්ටිවෙල නිවසක ළිඳක් සුද්ද කිරීමට ගිය පුද්ගලයෙකු ළිඳට බැස හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මිය ගොස් තිබේ.

     ගලේවෙල පට්ටිවෙල පෞද්ගලික ළිදක් සුද්ද කිරීමට කොන්ත්‍රාත්කරුවෙකුට භාරදී තිබෙන බවත් පසුව පුද්ගලයන් තුන්දෙනෙකු පැමිණ අඩි හතළිහක් පමණ ගැඹුරු ලිද සුද්ද කිරීමට ජලය ඉවත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු ලණුවක ආධාරයෙන් ළිඳට බැස ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. පසුව ඔහු හුස්ම ගැනිමට නොහැකි බව ගොඩ සිටින අයට දැනුම් දී තිබුණු බවත් ඔහු ගොඩ ගැනීමට උත්සාහ කළත් ගොඩ ගැනීමට නොහැකිවීම නිසා නිවැසියන් පොලිසියට සහ අවට අයට දැනුම් දී තිබේ.

    දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකක එම ස්ථානයට පැමිණ විදුලි පංකාවකින් ළිඳ පතුලට වාතය ලැබෙන්නට සලස්වා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහායෙන් ඔහුව ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදී ගලේවෙල රෝහලට ගෙන ගොස් තිබේ. මොහුව රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බව පොලිසිය පවසයි

    මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල රංවැඩියාව ප්‍රදේශයේ කුලී කම්කරුවෙකු බව පොලිසිය කියයි.

    dambullawel2 px 900 19 07 3

    dambullawel3 px 900 19 07 3

    Latest News