මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය විය යුතුයි

ජූලි 26, 2019

    මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත කඩිනම්න් සංශෝධනය විය යුතු බව, මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලය ප්‍රකාශ කළාය.

    ඔවුන් මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ නීතිඥ එමීසා ටීගල්...

    “මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය 1951 ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 30කටවත් කලින් වෙනස් වීම් වෙන්න ඕනේ කියන අදහස ඇවිල්ලා තියෙනවා. ළඟදි ආපු අදහසක් නොවෙයි. මුස්ලිම් ජනතාව ඇතුලෙන්ම එන ඉල්ලීමක් මේ නීතිය වෙනස් විය යුතුයි කියලා. සංශෝධනයන් තමයි, අවම විවාහ වයස විය යුත්තේ අවුරුදු 18ක්. අනෙක් එක තමයි මුස්ලිම් කාන්තාවන්ට කාසි කියන තනතුරට යන්න අවස්ථාව තියෙන්න ඕනේ. විවාහ සහතිකය, කාන්තාවකගේ අත්සන හෝ මාපට ඇඟිලි සලකුණ දාන්න තැනක් තියෙන්න ඕනේ. ලියාපදිංචි කිරිමක් වෙන්නම අවශ්‍යයි. තලප් සහ පසා කියන දික්කසාද ක්‍රමය එක් ක්‍රමයක් වගේ වෙන්න ඕනේ. ඩබ්බි කියන එක රෙජිස්ටර් වෙන්න ඕනේ ආපහු ගන්න අවස්ථාව තියෙන්න ඕනේ කාන්තාවට. පවුල් උසාවියක් වශයෙන් හැදෙන්න ඕනේ. දරුණු කොන්දේසි ඇතුල් කරන්න ඕනේ. කාන්තාවගේ අවසරය ගන්න ඕන කෙනා.

    ෆේරියල් අෂ්රොෆ් මහත්මිය...

    “මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ දෙවියන් වහන්සේ කියපු දේවල් ද අපි මේ වෙනස් කරලා ඉල්ලන්නේ කියලා. අපි නිතර, නිතර ආයිමත් මේ කියන්න හදන්නේ දෙවියන් වහන්සේ දයාවෙන්, කරුණාවෙන් අපිට දීලා තියෙන ඒ නීති-රීති දෙවියන් වහන්සේගේ දයාවයි, කරුණාවයි ඇතුලත් කරලා අපි මේ ඉල්ලන සංශෝධන අපට කරලා දෙන්න කියලා. කාන්තාවන් අපි සියලු දෙනාම මේක ඉල්ලන්නේ තවත් මේක ආපස්සට දාන්න එපා. තවත් සාකච්ජා අවශ්‍යයි කියලා කියන්න එපා. කරුණාකරලා දැනට දීලා තියන ඒ සංශෝධන පාර්ලිමේන්තුව හරහා මේක නීතියක් බවට පත්කරන්න“ යැයි ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ප්‍රකාශ කළාය.

    Latest News