විශ්වාස භංගය සම්මත කිරීම ජනපති පිළිගන්නෑ - ලක්ෂ්මන් කියයි (වීඩියෝ)

නොවැ 17, 2018
  • ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

    උද්ගත ඇති අර්බුදයට පිළිබඳ මෙහි දී සාකච්ජා කෙරුණු අතර කුමන හේතුවක් මතවත් රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධුරයට පත් නොකරන බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා ආබේවර්ධන මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම ලක්ෂ්මන් යාපා අබේවර්ධන ...

    රනිල් වික්‍රමසිංහ මොන හේතුවකටවත් අගමැතිකමට පත් කරන්නේ නැහැ කිව්වා...පාර්ලිමේන්තුවේ මේ කරපු විඳිහ වැරදි කිව්වා..ඊයේ කියපු විදිහට නෙවෙයි කිව්වා වැඩේ කෙරුණේ...ඊයේ කිව්වේ ස්ථාවර නියෝග 113ට අනූව කටයුතු කරන්න කියලා කිව්වා..එහෙම කිසි දෙයක් නැහැ කිව්වා...ජනාධිපතිතුමාගේ පළවෙනි නියෝගය ඒක..

    ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභාංගයක් ගේන්න බැහැනෙ පාර්ලිමේන්තුවෙ..ඒ වගන්තිය අයින් කරන්න කිව්වා..ඒක අයින් කරලත් නැහැ කිව්වා...ඒක නිසා මේක වලංගු නැහැ කිව්වා..අද ඡන්දෙ...එතුමා ඒක පිළිගන්නෙත් නැහැ කිව්වා...ඒ නිසා අපිට මේ දින ඇතුලත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා වැඩ ටික කරගෙන යන්න කිව්වා..

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 09:55

    Latest News