බීඩි කොළ සහ දුම්කොළ තොගයක් අත්අඩංගුවට

ජූලි 17, 2019

    යාපනය, මණ්ඩතිව් මන්සංදියේ නීති වි‍රෝධිව ප්‍රවාහනය කළ බිඩී කොළ සහ දුම්කොළ ලොරියක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අද (17) අළුයම නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    උතුරු නාවික විධානයට අනුයුක්ත සෙබලුන් යාපනය, මණ්ඩතිව් මන්සංදියේ පිහිටි මාර්ග බාධකයේදී සැක කටයුතු ලොරි රථයක් පරික්‍ෂා කර ඇත. එහිදී පාර්සල් 44 අසුරා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 1359 ක් සහ පාර්සල් 31 ක අසුරා තිබු දුම්කොළ කිලෝග්‍රෑම් 1034 ක් සොයාගෙන තිබේ.

    එම බිඩී කොළ සහ දුම්කොළ තොගය කයිට්ස් සිට යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, සැකකරුවන් අවුරුදු 37 සහ 47 වන වයස් වල පසුවන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, බිඩී කොළ, දුම්කොළ තොගය සහ ලොරි රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දිමට නියමිතයි.

    tabacoleaf1 px 900 19 07 17

    Latest News