JVP ගෙන ආ විශ්වාසංගය, ආණ්ඩුවට වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා (වීඩියෝ)

ජූලි 13, 2019

    එක්සත් ජාතික පක්‍ෂය කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විය.

    එහිදී විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කෙරිණ. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා...

    “2015 ගොඩනැගුණු පාර්ලිමේන්තු සංයුතිය ශක්තිමත් ආණ්ඩුවක් කියන කාරණය විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම තුළ ඉදිරියට ගෙන යන්න පුලුවන් වැඩපිළිවෙළක් අපේ පක්‍ෂය තුළ තිබුණැයි කියන කාරණය අපිට පැහැදිලිව කියන්න පුලුවන්. ඒ ජයග්‍රහණය සුවිශේෂි ජයග්‍රහණයක්. අපිට විරුද්ධව ගෙනාපු සියලු දේවල් පරාජය කළා. කවුරු මොනදේ කිව්වත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේ වැඩපිළිවෙළ ඉදිරි ආණ්ඩු කිරිමේ වැඩපිළිවෙළක් අපි නිර්මාණය කරනවා“ යැයි චමින්ද විජේසිරි මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා....

    “ආණ්ඩුවට වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ මේ විශ්වාසභංග යෝජනාව. විශ්වාසභංග යෝජනාවක් ගේන්න කාරණා මතුවෙලා තිබුණු වෙලාවක් නොවෙයි මේක. මේ තුළින් එක්සත් ජාතික පක්‍ෂයට ඇතිවෙච්ච වාසිය තමයි මේ රටේ ආණ්ඩුවට විරුද්ධව යම්, යම් කැරලි කුමන්ත්‍රණ, ප්‍රකාශ විටින් විට සිදුකරන්න ප්‍රකාශ කරන්න අපි දැක්කා පසුගිය කාලසීමාව පුරාම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රුමුඛ විපක්‍ෂයේ කණ්ඩායම්. පසුගිය කාලසීමාව තුල සිදුවෙච්ච විවේචනවලට හොඳ උත්තරයක් දෙන්න පාර්ලිමේන්තුවේ 119ක බහුතරයක් මේ ආණ්ඩුවට තියෙනවා කියන්න ඔප්පු කරගන්න ලැබීම රටේ ජනතාවට ලොකු වාසියක්. විපක්‍ෂයේ කණ්ඩායම්වලට උවමනා වෙලා තියෙන්නේ මේ පවතින ආණ්ඩුව වෙනස් කර තමන්ගේ බල අරගලය වෙනුවෙන් කුමන හෝ ක්‍රමයක් උපයෝගි කරගන්න.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:21

    Latest News