මන්නාරමෙන් බීඩි කොළ 126.5kg ක් සොයා ගැනේ

ජූනි 29, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (29) අළුයම මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ 126.5kg ක් සොයා ගෙන තිබේ.

    උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා භට පිරිසක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැලෑව තුල සඟවා තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 04 ක් තුල අසුරා තිබී ඇත.

    සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

    තවද, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික භටයින් විසින් පසුගිය දින කිහිපය පුරා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩි කොළ කිලෝග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් සොයා ගැනිමට සමත්විය. මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

    Latest News