දුම්රිය වර්ජනයකට වෘත්තිය සමිති සැරසේ

ජූනි 20, 2019

    අද මධ්‍යම රාත්‍රී සිට පැය 48ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    මගීන්ට අපහසුතාවයක් නොවන පරිදි බස් රථ ධාවනයට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අදහස් දැක්වූ දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු...

    “ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අපි වෙනුවෙන් කතා කළා. නමුත් මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිසිම දේකට ඇහුම්කන් දුන්නේ නැහැ. තවදුරටත් මෙවැනි තීරණයක ඉන්න බැරි හින්දා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙනවා“ යැයි ලාල් ආරියරත්න මහතා පැවසීය.

    පුද්ගලික බස් හිමියන්ගේ සංගමය....

    දුම්රිය වර්ජනය මීට ඉස්සෙල්ලත් ක්‍රියාත්මක වුණා. නමුත් මගීන්ට කිසිදු අපහසුතාවකින් තොරව අපේ පෞද්ගලික බස් රථ සේවාව අපි ලබාදෙනවා. පැහැදිලිව කියන්න ඕනේ දුම්රිය යන්නේ 5%ක මගී ජනතාවක් මේ සමස්ත ධාරිතාව මත. නමුත් පෞද්ගලික බස් සේවාව අපි 60%ක ධාරිතාවක් සේවාව කරනවා. ඒ නිසා මගීන්ට කිසිම වර්ජනයක් කළාට ඇඟට දැන්නේ නැහැ. සේවාවක් විධියට අපි පෞද්ගලික බස් රථ සේවාව අඛණ්ඩව ලබාදෙන්න කටයුතු කරනවා“ යැයි ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 20:02

    Latest News