ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුද පනත සම්මතයි

ජූනි 20, 2019

    ඌන ක්‍රියාකරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ( ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද වීමසීම සිදු වූ අතර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 91 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 69 ලැබුණි. පනත් කෙටුම්පත කාරක සභාව අවස්ථාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

    ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද 22 කින් සම්මත විය. මේ අනුව සෙවණගල සහ පැලවත්ත ඇතුලු රාජ්‍ය සමාගම් 36ක් මහා භණ්ඩාගාර ලේකම් යටතට පැවරේ.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:51

    Latest News