රවීගේ දුවට අධිකරණයෙන් නියෝගයක්

නොවැ 12, 2018

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන්නැයි, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනිලා කරුණානායකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

    ඒ, අද පෙරවරුවේ ඇය අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී. මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්‍ෂියක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයට මීට පෙර දැනුම් දී තිබුණා.

    ඔනිලා කරුණානායකගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ අද කියා සිටියේ ඉකුත් 5 වැනිදා ඇය එහි ගියද තමන්ට සේවාදායකයා සමඟ යාමට අවසර ලබානොදීම නිසා, නැවත හැරී ආ බවයි. ඒ පිළිබඳව කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, ලබාදුන් වේලාවට පෙර කරුණානායක මෙනෙවිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ ආපසු හැරීගොස් ඇති බවයි. පැමිණිල්ල ලබන 29 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News