අක්මීමන දයාරතන හිමිගේ විරෝධතාවකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

ජූනි 07, 2019

    පුජ්‍ය අක්මීමන දයාරතන හිමි සහ තවත් පිරිසක් විසින් දෙහිවල පොලිස් වසම තුළ ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබු නීති විරෝධී පෙරහැරක් සහ රැස්වීමක් තහනම් කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

    එම පෙරහැර සහ රැස්වීම හේතුවෙන් දෙහිවල පොලිස් වසම තුළ මහජන සාමයට බාධාවීමක් සහ මහජනයා අතර නොසන්සුන්කාරී තත්වයන් ඇති විය හැකි බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණ.

    ඒ අනුව දෙහිවල පොලිස් වසමේ පැවැත්වීමට නියමිතව තිබූ පෙරහැර සහ රැස්වීම පැවැත්වීම වැළැක්වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළ බව පොලිස් මුලස්ථනය පවසයි.

    හදිසි අවස්ථා නියෝග යටතේ අධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබේ.

    Latest News